ජෝ බයිඩ්න්ට උන්හිටි තැන් අමතක වෙලා (වීඩියෝ)

G20 සමුළුව සඳහා ලෝක නායකයින් රැසක් මේ දිනවල බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවරට රැස්ව සිටිනවා.

එලෙස බ්‍රසීලයට පැමිණ සිටින එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් ඇමසන් වැසි වනාන්තරය නැරඹීමට ගොස් තිබෙනවා.

පා ගමනින් වැසි වනාන්තරයේ ඇවිද ගිය බයිඩ්න් ජනාධිපතිවරයා වනාන්තරය තුළ දී ඇමසන් වැසි වානන්තරය ද ඇතුළු ලෝකයේ සෙසු වනාන්තර සංරක්ෂණ දිනය ලෙස නොවැම්බර් 17 වනදා නම් කරමින් විශේෂ ලියවිල්ලකට අත්සන් කරනු ලැබුවා.

අනතුරුව වනාන්තරය තුළ දී මාධ්‍ය හමුවක් පවත්වන්නට ද බයිඩ්න් ජනාධිපතිවරයා කටයුතු කර තිබුණා.

එම මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් ඇසූ ඇතැම් ප්‍රශ්නවලින් මඟ හැරීමට ඔහු කටයුතු කළ අතර, අවසානයේ එම ප්‍රශ්න නෑසුණා සේ මඟ හැර මාධ්‍ය හමුව අවසන් කරමින් පිටුපස වනාන්තරයට ඇවිද ගියා.

කෙසේ වෙතත් තමන් සිටිනා ස්ථානය පිළිබඳව අමතකව බයිඩ්න් ජනාධිපතිවරයා කැලය තුළට ඇවිද යද්දී ඔහුව ආපසු කැඳවා ගන්නට ඔහුගේ සහායක නිලධාරීන් කටයුතුකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

එහිදී බයිඩ්න්ගේ සහායකයින් “ජනාධිපතිතුමනි ඔහේ කවුරුවත් නැහැ මෙහේ එන්න” යනුවෙන් පවසා ඔහුව ආපසු කැඳවා ගන්නා ආකාරය එහි දැක්වෙනවා.

මේ වනවිට 81 හැවිරිදි වියේ පසුවන ජෝ බයිඩ්න් ජනාධිපතිවරයාට අමතකවීම් සම්බන්ධයෙන් අකරතැබ්බ ගණනාවකටම මුහුණ පා තිබෙනවා.

මේ අතර ජෝ බයිඩ්න් G20 සමුළුවේ පළමු දින සැසිවාරයට එක්වෙමින් පවසා ඇත්තේ ලොව දුප්පත් රටවල් සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ අරමුදලට ඩොලර් බිලියන 04ක දායකත්වයක් ලබාදීමට පොරොන්දුවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38