ඉරානය සහ සෞදියට පනින්න සිටි බංගලියන් 08ක් කටුනායක හෝටලයකින් අල්ලයි

ඉරානය සහ සෞදි අරාබිය වෙත පළා යාමේ අදහසින් වීසා කාලය ඉක්මවා නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙක් කටුනායක පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක, ආඩිඅම්බලම , කෝවින්න ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක් තුළ රැඳී සිටිය දී මොවුන් පිරිස ඊයේ (18) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස රැදී සිටිය දී අත්අඩංගුවට ගැනුණු මෙම බංගලදේශ ජාතිකයන් අටදෙනා වයස අවුරුදු 20ත් 30ත් අතර වයසේ පසුවන්නන් බව සඳහන්.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට භාෂා පරිවර්තකවරයෙකුගේ සහාය ලබා ගැනීමට පොලිසියට සිදුව තිබෙනවා.

කටුනායක පොලිසිය වෙත ලද තොරතුරක් මතයි මොවුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු බංගලදේශ ජාතිකයන් පිරිස අද (19) දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32