ඉරානය සහ සෞදියට පනින්න සිටි බංගලියන් 08ක් කටුනායක හෝටලයකින් අල්ලයි

ඉරානය සහ සෞදි අරාබිය වෙත පළා යාමේ අදහසින් වීසා කාලය ඉක්මවා නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙක් කටුනායක පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක, ආඩිඅම්බලම , කෝවින්න ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක් තුළ රැඳී සිටිය දී මොවුන් පිරිස ඊයේ (18) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස රැදී සිටිය දී අත්අඩංගුවට ගැනුණු මෙම බංගලදේශ ජාතිකයන් අටදෙනා වයස අවුරුදු 20ත් 30ත් අතර වයසේ පසුවන්නන් බව සඳහන්.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට භාෂා පරිවර්තකවරයෙකුගේ සහාය ලබා ගැනීමට පොලිසියට සිදුව තිබෙනවා.

කටුනායක පොලිසිය වෙත ලද තොරතුරක් මතයි මොවුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු බංගලදේශ ජාතිකයන් පිරිස අද (19) දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?