රුසියාවට පහරදීම සඳහා එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල භාවිත කිරීමට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් යුක්රේනයට අවසර ලබා දී තිබෙනවා.
මාස කිහිපයකට සිට යුක්රේනය ජනපති සෙලෙන්ස්කි විසින්; ATACMS ලෙස හඳුන්වන මිසයිල සඳහා පනවා ඇති සීමාවන් ඉවත් කරන ලෙස ඇමරිකාවෙන් ඉල්ලා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, තමන්ගේ දේශසීමාවෙන් පිටතට ප්‍රහාර එල්ල කිරීමට අවශ්‍ය බව පවසමින්.
ඇමරිකාවේ මෙම අවසරයත් සමඟ යුක්රේනය ඉදිරි දිනවල දී එම ආයුධ භාවිත කරමින් දිගු දුර ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරන බවයි තොරතුරු වාර්තා වන්නේ.
මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එවැනි පියවරකට එරෙහිව මීට පෙර බටහිර ජාතීන්ට අනතුරු ඇඟවීමක් ද සිදුකරනු ලැබුවා.
මේ අතර එක්සත් ජනපදය විසින් සපයන ලද මිසයිලවලින් රුසියාව තුළට පහර දීමට යුක්රේනයට ඉඩදීම තුන්වන ලෝක යුද්ධයකට තුඩු දෙන කාරණාවක් බවයි රුසියානු නීති සම්පාදකයින් පවසන්නේ.