මව අහිමි වූ කුඩා දරුවන් පැවිදි දිවියට – මවගේ තුන් මාසේ දානෙටත් වැඩම කරලා

වේයන්ගොඩ නයිවල මාබොදල ප්‍රදේශයේ මීට මාස තුනකට පෙර මව අහිමි වූ වයස අවුරුදු 4ක සහ 10ක එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු පෙරේදා (25) පැවිදි දිවියට ඇතුළත් වී තිබුණි.

ඒ පූජ්‍ය මාබොදල සමිතානන්ද හිමි සහ පූජ්‍ය මාබොදල චන්දානන්ද හිමි නමින්ය. 

සිය මෑණියන්ගේ තෙමස් පූර්ණ ධර්ම දේශනාවටත් උන්වහන්සේ දෙපළ නිවසට වැඩම කිරීමත් විශේෂත්වයකි.