සිසුන් 06ක් එක්ව පොදු වැසිකිළියේ සල්ලි පෙට්ටිය කොල්ල කාලා

පානදුර මුහුදු වෙරළේ පොදු වැසිකිළියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ල කෑ සිසුන් පිරිසක් පානදුර දකුණ පොලිසිය විසින් පෙරේදා (15) දිනයේ අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ මොරටුව ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි වියේ පසුවන සිසුන් 06 දෙනෙක් බවයි වාර්තා වුණේ.

මොවුන් පිරිස ඊයේ (16) දිනයේ පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් කිරීමෙන් පසු නිදහස් කෙරුණු අතර, මෙම නඩුව 2025 වසරේ පෙබරවරි 25 වනදා යළි කැඳවීමට නියෝග කර තිබෙනවා.

සැකකාර සිසුන් හයදෙනා පානදුර වෙරළ තීරයේ ඇති පොදු වැසිකිළියේ සේවයේ සිටි සේවකයා බිය ගන්වා එහි තිබූ මුදල් පෙට්ටිය කොල්ල කා පලාගොස් තිබුණා.

එම අවස්ථාවේ දී සේවකයා උදව් ඉල්ලා කෑගසා ඇති අතර, එහිදී අවට සිටි පිරිස් එක්ව සැකකාර සිසුන් පිරිස අල්ලාගෙන පොලිසියට භාරදී ඇති බවයි වාර්තා වුණේ.

ඔවුන් සන්තකයේ තිබී කොල්ලකෑ මුදල් භාජනය ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

ඉන් අනතුරුවයි පොලිසිය සැකකාර සිසුන්ව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත්තේ.