ලෝක ශූර ඉන්දීය ක්‍රිකට් නායකයා දෙවැනි වරටත් පිය පදවිය ලබයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා දෙවැනි වරටත් අති උතුම් පිය පදවිය ලබා තිබෙනවා.

ඊයේ (15) රාත්‍රියේ දී ඉන්දීය ක්‍රිකට් නායකයාට මෙම වාසනාවන්ත අවස්ථාව අත්විඳීමට හැකි ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

සිය ආදරණීය බිරිඳ වන රිතිකා සජ්දේ දෙවැනි වරටත් මව් පදවියට සැරසෙන පුවත ඉන්දීය ක්‍රීඩා ලෝලීන් අතර ශීඝ්‍රයෙන් පැතිරුණ සුබ පුවතක් වුණා.

ඒ අනුව ඇය දෙවැනි දරු ප්‍රසූතිය සිදු කර ඇත්තේ පෞද්ගලික රෝහලකදියි.

දෙවැනි දරුවා පිරිමි දරුවෙකු බවත් රෝහිත් ෂර්මා පිළිබඳව වාර්තා කර ඇති ඉන්දීය මාධ්‍ය උපුටනයන් සඳහන් කරනවා.

රෝහිත් ෂර්මාට වයස අවුරුදු 6ක දියණියක් සිටින අතර ඇය නමින් සමයිරා.

රෝහිත් සහ රිතිකා 2015 වර්ෂයේ දී විවාහ දිවියට පත් වුණු අතර ඔවුන් දෙපළගේ කුළුදුල් දියණිය ලෙස සමයිරා උපත ලබන්නේ 2018 දීයි.

ඉන් අනතුරුවයි සිය පළමු පිරිමි දරුවා මෙම වසරේ ඊයේ (15) දින උපත ලැබුවේ.

සිය දෙවැනි දරුවාගේ උපත හේතුවෙන් ශර්මා බෝඩර් – ගවස්කාර් කුසලානයේ ඔස්ට්‍රෙලියාවට එරෙහිව 22 වැනිදා පර්ත්හි දී ඇරඹීමට නියමිත පළමු ටෙස්ට් තරගයෙන් ද ඉවත් වී තිබෙනවා.

මේ අතර තම පුතු මෙලොව එළිය දැකීමේ පුවත සිය ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවෙහි රෝහිත් සටහන් කර තිබුණේ පහත පරිදියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32