සෞඛ්‍ය ලේකම්ගේ නම විකුණා සල්ලි ගැරූ දෙදෙනෙක් රිමාන්ඩ්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලගේ නම භාවිත කරමින් ඊසි කෑෂ් හරහා වෛද්‍යවරුන්ගෙන් මුදල් ලබාගත් පුද්ගලයින් දෙදෙනෙකු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශන අංශය විසින් එම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අද (14) පස්වරුවේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කරනු ලැබුවා.

විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාලගේ නම භාවිත කර දුරකථන ඇමතුම් හරහා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන්, නීතිඥයන්ගෙන්, එම සැකකරුවන් දෙදෙනා මුදල් ලබාගෙන තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම ලංකා ගමනා ගමන මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකුගෙන් ද සැකකරුවන් මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු හෙළිව ඇති බව ද එම නිළධාරීන් සඳහන් කළා.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු හිටපු කමාන්ඩෝ භටයෙක් වන අතර, ඔහු වසර 40 ක් බන්ධනාගාරගතව පොදු සමාව යටතේ නිදහස ලැබු අයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27