අවිශ්කගෙන් කලකට පසු එක්දින ශතකයක්

සංචාරක නවසීලන්තයට එරෙහිව සිය ජාත්‍යන්තර සිව්වැනි එක්දින ශතකය වාර්තා කිරීමට ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු මීට ටික වේලාවකට (13) පෙර සමත් වුණා.

ඒ දෙරට අතර රංගිරි දඹුල්ලේ දී අද පස්වරු 2.30ට ඇරඹි තරග 03කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ආරම්භ කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ව පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා ගත්තා.

ඒ අනුව ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට ආ පැතුම් නිස්සංක ලකුණු 12කට දැවී ගිය ද ප්‍රවේසම්කාරී ඉනිමක් දියත් කළ අවිශ්ක සිය සිව්වැනි ශතකය ලබා ගත්තේ පන්දු 114ක් වැය කරමින්.

ඊට හයේ පහර 02ක් සහ හතරේ පහර 09ක් ඇතුළත්.

අවිශ්ක මීට ටික වේලාවකට පෙර ලකුණු 100ක් අතැතිව සිටියදී පිටියෙන් ඉවත් කරන්නට සොදි සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 02ක් දැවී පන්දුවාර 38කුත් පන්දු 03ක් තුළ ලබා සිටින ලකුණු සංඛ්‍යාව 224ක්.

මීට පෙර උපුල් තරංග සහ සනත් ජයසූරිය දෙවැනි කඩුල්ල වෙනුවෙන් තබා තිබූ ඉහළතම ලකුණු සබඳතාව වනුයේ 201ක්.

එම සබඳතාව බිඳ දමමින් කුසල් සහ අවිශ්ක එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 206ක විශිෂ්ට සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණා.

මේ වනවිට මෙන්ඩිස් සමග පිටියෙ රැඳී සිටින්නේ සදීර සමරවික්‍රමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?