අවිශ්කගෙන් කලකට පසු එක්දින ශතකයක්

සංචාරක නවසීලන්තයට එරෙහිව සිය ජාත්‍යන්තර සිව්වැනි එක්දින ශතකය වාර්තා කිරීමට ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු මීට ටික වේලාවකට (13) පෙර සමත් වුණා.

ඒ දෙරට අතර රංගිරි දඹුල්ලේ දී අද පස්වරු 2.30ට ඇරඹි තරග 03කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ආරම්භ කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ව පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා ගත්තා.

ඒ අනුව ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට ආ පැතුම් නිස්සංක ලකුණු 12කට දැවී ගිය ද ප්‍රවේසම්කාරී ඉනිමක් දියත් කළ අවිශ්ක සිය සිව්වැනි ශතකය ලබා ගත්තේ පන්දු 114ක් වැය කරමින්.

ඊට හයේ පහර 02ක් සහ හතරේ පහර 09ක් ඇතුළත්.

අවිශ්ක මීට ටික වේලාවකට පෙර ලකුණු 100ක් අතැතිව සිටියදී පිටියෙන් ඉවත් කරන්නට සොදි සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 02ක් දැවී පන්දුවාර 38කුත් පන්දු 03ක් තුළ ලබා සිටින ලකුණු සංඛ්‍යාව 224ක්.

මීට පෙර උපුල් තරංග සහ සනත් ජයසූරිය දෙවැනි කඩුල්ල වෙනුවෙන් තබා තිබූ ඉහළතම ලකුණු සබඳතාව වනුයේ 201ක්.

එම සබඳතාව බිඳ දමමින් කුසල් සහ අවිශ්ක එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 206ක විශිෂ්ට සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණා.

මේ වනවිට මෙන්ඩිස් සමග පිටියෙ රැඳී සිටින්නේ සදීර සමරවික්‍රමයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38