ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව මධ්‍යම, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත්කර ඇති මෙම නිවේදනය අද (13) රාත්‍රී 11.30 දක්වා වලංගු වනවා.