රෝද පුටුවක පැමිණි ගුවන් මගියා කෝටි 04ක මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට (ඡායාරූප)

ගුවන් තොටුපොළ ‘හරිත මාවත’ ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට යෑමට තැත් කළ රෝද පුටුවක ගමන් ගත් ගුවන් මගියෙක් සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් කෝටි හතරක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සඳහන් කළේ.

මෙම ගුවන් මගියා ඊයේ (09) රාත්‍රියේ තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී – 047 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු රෝද පුටුවක වාඩි වී ශ්‍රී ලන්කන් සහායක නිලධාරිවරයෙකු විසින් ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රයේ හරිත මාවත ඔස්සේ තල්ලු කර ගෙන යමින් සිටිය දී ඔහුගේ සිරුරේ පිටුපස කොටසෙහි රඳවා ගෙන තිබූ ගමන් මල්ල පරික්ෂා කිරීමේ දී මෙම මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05ක ප්‍රමාණය සොයාගැනීමට හැකිව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු ගුවන් මගියා කොළඹ 10, මරදාන ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

IMG 20241110 WA0031
IMG 20241110 WA0033
IMG 20241110 WA0032


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56