පොඩි ලැසීගේ ජංගම දුරකථනය අතේ මාට්ටු

මේ වනවිට බූස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ රඳවා සිටින අපරාධ කල්ලි සාමාජික ජනිත් මධුශංක නොහොත් ‘පොඩි ලැසී’ භාවිත කළ ජංගම දුරකථනයක් එම බන්ධනාගාරය තුළ සිදුකළ මෙහෙයුමක දී සොයාගෙන තිබෙනවා.

බන්ධනාගාරය තුළ පොඩි ලැසී රඳවා සිටි සිරමැදිරියේ පිටුපස ඇති කවුලුවෙන් පිටතට විසිරක තිබිය දී මෙම ජංගම දුරකථනය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

බූස්ස බන්ධනාගාර කඳවුරේ උප පොලිස් පරීක්ෂක ආර්.ජි.සි.කේ. රාජපක්ෂ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (08) දිනයේ දී පොඩි ලැසී රඳවා සිටින බන්ධනගාරයේ විශේෂ අංශයේ A කොටසේ අංක 42 සිරමැදිරියේ දී හදිසි පරික්ෂාවක් සිදුකර තිබෙනවා.

මෙහෙයුම සඳහා විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිර මැදිරිය තුළට ඇතුළු වනවාත් සමඟ ම පොඩි ලැසී විසින් සඟවාගෙන සිටි ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක්, චාජර් 01ක්, ඩේටා කේබල් 01ක් සහ හැන්ඩ් ෆ්‍රී 01ක් ඇතුළු උපකරණ සිරමැදිරියේ පිටුපස කවුලුවෙන් පිටතට විසිකළ අවස්ථාවේ දී සොයාගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

සොයාගත් එම ජංගම දුරකථනය සහ උපකරණ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00
Video thumbnail
වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ සාගරිකා පීලි පනී - දුම්රිය ගමනා ගමනයට බාධා
01:19
Video thumbnail
ගමන් ගත් බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැටෙන අයුරු
00:32
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33