කෝටි ගණන් ගසා කෑ පිරිමීඩ් ජාවාරමේ මොළකරුවෙකු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට

කුරුණෑගල ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් තිබූ පිරමීඩ් මූල්‍ය ආයතනයක් මගින් තැන්පත්කරුවන්ගෙන් විශාල වශයෙන් මුදල් වංචා කර; රටින් පලා ගොස් සිටි පුද්ගලයෙකු සහ එම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

දසත ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ; මෙම සැකකරු සහ සැකකාරිණිය විසින් රුපියල් කෝටි 1000ක පමණ මුදලක් වංචා කර ඇති බවයි.

අද (08) අලුයම මොවුන් දෙදෙනා කටුනායක ගුවන්තොටුපොළේ දී මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 189 දරන ගුවන් යානයෙන් පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගැනුණා.

කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි රණසිංහ ආරච්චිගේ ධම්මික කුමාර රණසිංහ නමැති 52 හැවිරිදි අදාළ සිද්ධියේ ප්‍රධාන සැකකරු මීට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මග හැර පලා ගොස් තිබූ බවයි වාර්තා වන්නේ.

මොහු පිළිබඳ ලැබී තිබූ තොරතුරු මත කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරී කවුළු වෙත යාමට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලැබුවා.

පසුව ඔහු රැගෙන යාමට කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රැඳී සිටි , එම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ, මොහුගේ බිරිඳ, ගාල්ලේ වඩුගමගේ සමුද්‍රා සුරංගනී හේමචන්ද්‍ර නමැති 42 හැවිරිදි කාන්තාව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණා.

“ජෙඩ්සීස් බිස්නස් ස්කූල්” නමැති පිරමීඩ් මූල්‍ය ආයතනයක් පිහිටුවා ගනිමින් තැන්පත්කරුවන් 2,500කගෙන් පමණ මෙම මුදල මොවුන් වංචා කර කුරුණෑගල නගර මධ්‍යයේ මහල් නිවාස සංකීර්ණයක් ඉදිකර පැවතීම, එම ප්‍රදේශයේ විශාල ඉඩම් දෙකක් මිල දී ගෙන තිබීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බැංකු 03ක මෙම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියකගේ නමින් ගිණුම් 11 ක් පවත්වාගෙන ගොස් ඇති බව අධිකරණ විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා අද උදෑසන කොළඹ, කොටුව මූල්‍ය සහ වාණිජ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව කොළඹ නාරාහේන්පිට නීතිවිරෝධී වත්කම් කොට්ඨාසය මගින් ද මොවුන්ට එරෙහිව විමර්ශනයක් සිදු කෙරෙමින් පවතින බැවින්, එම කොට්ඨාසය වෙත ද මොවුන් යොමු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03