ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට සම්මානිත ජනප්‍රිය රැප් ගායිකාවකගෙන් දෝෂාරෝපණයක් – මස්ක් එක්කත් පැටලෙයි (ඡායාරූප)

අමෙරිකානු ජනපති සටනින් ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය එරට ජනප්‍රිය රැප් ගායිකා Cardi B හෙළා දැක තිබෙනවා.

සිය නිල ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවෙහි සටහනක් තබමින් සහ ඇය ජනාධිපතිවරණ ප්‍රතිඵල නරඹන අයුරු දැක්වෙන කෙටි වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ; ”I hate y’all bad” යනුවෙන්.

කාඩි බී පසුගිය ජනාධිපතිවරණ අපේක්ෂක ප්‍රචාරණ කටයුතුවල දී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස් වෙනුවෙන් සහාය දුන් තැනැත්තියක්.

තමන් කමලා හැරිස් ගැන ආඩම්බර වන බවත්; ඉදිරියේදිත් ඇය වෙනුවෙන් පෙනී සිටින බවත්; ඇයගේ දේශපාලන ගමනට ශක්තිය වීමට ලැබීම සතුටට කරුණක් බව ද කාඩි බී සඳහන් කරනවා.

දිනෙක වර්ණවත් සහ ශක්තිමත් ගැහැනියක් අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වශයෙන් සිටිනු දැකීම බලාපොරොත්තුවක් බවත්; දවසක ඔබ එය සිදු කරනවා යන විශ්වාසය ඇති බවත් කාඩි බී සිය ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවෙහි වැඩිදුරටත් තැබූ සටහනේ සඳහන්.

‘පිළිකුල් සහගත වීමට අවශ්‍ය නැත, ඔබ සියල්ලෝම ඔබේ ජයග්‍රාහකයා තෝරා ගත්හ…අපට කළ හැක්කේ බලාපොරොත්තු තබාගෙන හොඳම දේ ප්‍රාර්ථනා කිරීම පමණි. කමලා තරගයට එක්වීමට පෙර, මේ රට පිහිටුවා ඇති ආකාරය සහ බොහෝ විට සිදුවන්නේ කුමක්දැයි අපි දැන සිටියෙමු, නමුත් ඇය සටන් කර මගේ ඇතුළු බොහෝ හිත් වෙනස් කළ ආකාරය ඉතා ප්‍රබෝධමත් විය..” යනුවෙන් කාඩි බී තැබූ X සටහනේ ද නිරූපණය වනවා.

මේ අතර පසුගියදා (04) ජනාධිපතිවරණය පැවැත්වීමට ආසන්නයේ තිබියදී X හිමිකරු එලෝන් මස්ක් සමග ද කාඩි බී දේශපාලනික මතවාද වෙනස් වීම මත ගැටෙන අයුරු නිරීක්ෂණය වුණා.

එහිදී මස්ක්; කාඩි බී විසින් කමලා හැරිස්ගේ වේදිකාවක් මත කළ කතාව සම්බන්ධයෙන්
x සටහනක් තබමින් කියා සිටියේ; වචනයෙන් පෝෂණය නොවී කතා කිරීමට පවා නොහැකි තවත් රූකඩයක් කමලාගේ ව්‍යාපාරයට අව්‍යාජත්වය සහ සංවේදනයක් හෝ නොමැතිව එක් ව ඇත..” (Another puppet who can’t even talk without being fed the words. The Kamala campaign has no authenticity or true empathy) යන්නයි.

මීට ප්‍රතිචාර දක්වමින් කාඩි බී විසින් එලෝන් මස්ක් වෙත පිළිතුරු ලබා දී ඇත්තේ;

මම රූකඩයක් නෙවේ එලෝන්.. මම සංක්‍රමණික දෙමාපියන් දෙදෙනෙකුගේ දියණියක්.. මම 8 වැනි වගන්තියේ නිෂ්පාදනයක්. මම දරිද්‍රතාවයේ නිෂ්පාදනයක්. ඔබට එරෙහිව ඇති ක්‍රමය සකස් වූ විට සිදුවන දේවල ප්‍රතිඵලයක් වෙමි.. නමුත් ඔබ කිසිවක් දන්නේ නැහැ, අඩුම ඔබ අමෙරිකානු අරගලය ගැනවත් දන්නේ නැහැ..”යනුවෙන්.

Cardi B යනු උපතින් ම අමෙරිකානු ජාතික කාන්තාවක් වන අතර ඇය තරුණ ප්‍රජාව අතර රැප් සහ පෞරුෂත්වයෙන් පිරිපුන් ස්ත්‍රියක් ලෙසටයි ජනප්‍රිය ව ඇත්තේ.

2019 වර්ෂයේ දී විශිෂ්ටතම රැප් ඇල්බමය සඳහා වන ග්‍රැමී සම්මානයෙන් ද කාඩි බී පිදුම් ලැබුවා.

Puppet
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00
Video thumbnail
වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ සාගරිකා පීලි පනී - දුම්රිය ගමනා ගමනයට බාධා
01:19
Video thumbnail
ගමන් ගත් බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැටෙන අයුරු
00:32
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33