ඉතිහාසයේ පළමු වරට අයිස්ලන්ත ජාතිකයින් පිරිසක් සංචාරය සඳහා දිවයිනට (ඡායාරූප)

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් සංචාරය සඳහා මෙරටට පැමිණ තිබෙනවා.

අප ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ මොවුන් අද (05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි.

24 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචාරකයන් පිරිස දින 14ක කාලයක් මෙරට සංචාරයෙහි නිරත වනු ඇති.

ඔවුන් පිරිස පැය 24 ක දීර්ඝ ගුවන් ගමනකින් පසුව අද උදෑසන 08.33 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම අයිස්ලන්ත සංචාරකයන් පිරිස කොළඹ, හබරණ, මහනුවර, සීගිරිය, දඹුල්ල , බෙන්තොට, ඇල්ල සහ යාල යන ප්‍රදේශවල සංචාරයෙහි නියැලීමට සැලසුම් කර තිබෙනවා.

20241105 100227 scaled
20241105 094730 scaled