ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණ කොමිසම වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ; මේ වනවිට එම පැමිණිලි ගණන 1259ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
එමෙන්ම ගෙවුණු පැය 24 තුළ පැමිණිලි 123ක් ලැබී ඇති අතර සමස්ත පැමිණිලි අතර ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 13ක් ද ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් සමස්ත පැමිණිලි 1259න් 1018ක් ම මේ වන විට විසදා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1