ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා වන ක්‍රියාමාර්ග සක්‍රීය කිරීමට ඉන්දියාව මුදල් ඉල්ලයි

එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව සමුළුවේ දී (COP16) ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා යාවත්කාලීන කරන ලද ජාතික සැලැස්ම ඉන්දීය රජය ක්‍රියාත්මක කරන බව පරිසර අමාත්‍ය කිර්ති වර්ධන සිං මහතා පවසනවා.

එමෙන්ම කැලි හි පැවති එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව සමුළුවේ දී ඉන්දියාව සිය ජාතික ජෛව විවිධත්ව ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර අරමුදල් ඉල්ලා ඇති බවත් වාර්තා වනවා.

පෙරේදා දිනයේ දී COP16 හි දී ජාතික ප්‍රකාශය ඉදිරිපත් කරමින් ඉන්දීය පාරිසරික අමාත්‍යවරයා ජාතික ජෛව විවිධත්ව උපාය මාර්ගය සහ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍ය සම්පත් ඇතුළුව ක්‍රියාත්මක කිරීමේ මාධ්‍යයන් සැපයීමේ අවශ්‍යතාව අවධාරණය කළ බවයි වාර්තා වන්නේ.

කුන්මිං-මොන්ට්‍රියල් ගෝලීය ජෛව විවිධත්ව රාමුව සමඟ සමපාත වන ඉලක්ක සමඟ ඉන්දියාව සිය ජාතික ජෛව විවිධත්ව උපාය මාර්ග සහ ක්‍රියාකාරී සැලැස්ම යාවත්කාලීන කර ඇති බවයි පැවසෙන්නේ.

1992 දී සම්මත කරන ලද ජෛව විවිධත්වය පිළිබඳ සම්මුතිය (CBD), ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම, එහි තිරසාර භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ ජාන සම්පත් ප්‍රතිලාභ සාධාරණ ලෙස බෙදා ගැනීම සහතික කිරීම අරමුණ වනු ඇති.

මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා, CBD විසින් ජාතික ප්‍රමුඛතා මත පදනම්ව ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා සකස් කරන ලද රාමුවක් වන ජාතික ජෛව විවිධත්ව උපාය මාර්ග සහ ක්‍රියාකාරී සැලැස්ම (NBSAP) සංවර්ධනය කිරීමට සෑම සාමාජික රටක්ම අවශ්‍ය කරන බව ද වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02