2024 උ/පෙළ විභාගය ගැන සිසුන්ට දැනුම්දීමක් (වීඩියෝ)

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවියෙන් පමණක් බාගත කරගන්නා ලෙස ශ්‍රී ලංකා විභාග
දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා.

අද (30) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ උසස් පෙළ අපේක්ෂකයින්ගේ 2024 උසස් පෙළ විභාගය නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර අවසන් බවයි.

විභාගය පැවැත්වෙන දින සම්බන්ධයෙන් තීරණය කරනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේ දී බව පැවසු විභාග කොමසාරිස්වරයා උසස් පෙළ විභාගය පිළිබඳව සමාජ මාධ්‍ය තුළින් විශාල වශයෙන් වැරදි ප්‍රචාරයන් සිදු කරන බව පෙනී යන බව ද මෙහිදී අවධාරණය කළා.

ඒ අනුව දරුවන් අතර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින පිළිබඳ අවිනිශ්චිතභාවයක් ඇතිව තිබෙන බවත් එය නිවැරදි කිරීමේ අරමුණින් මාධ්‍ය හමුව පැවැත්වීමට තීරණය කළ බව ද හෙතෙම පැවසුවා.

සෑම විටම විභාග දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන නිල නිවේදන පමණක් විශ්වාස කරන ලෙසත් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසත් විභාග කොමසාරිස්වරයා සිසුන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව උසස් පෙළ විභාගයේ ප්‍රවේශපත්‍ර ඉතා ඉක්මනින් අපේක්ෂකයින් අතට පත්කිරීමට නියමිත බවත් වාර්තා වනවා.

මෙවර උසස් පෙළ සඳහා විෂයන් 64ක් යටතේ අයදුම්කරුවන් 333,185 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවත්, ඉන් පාසල් අයදුම්කරුවන් 253,390ක් සිටින බවත් පෞද්ගලික අයදුම්කරුවන් 79,795ක් අයදුම් කර ඇති බවත් විභාග කොමසාරිස්වරයා කියා සිටියා.

විභාග මධ්‍යස්ථාන 2,317ක දී මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිත අතර උතුරු පළාතේ ඩෙල්ෆ් සහ නයනතිව් දූපත්වලද විභාග මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කර ඇතැයි විභාග කොමසාරිස්වරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?