2024 මහා කන්නයේ වී වගාව සඳහා පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයෙන් ජලය නිකුත් කිරීම මහා සංඝරත්නයේ ආශිර්වාද මැද සිදු කෙරුණා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙවර මහ කන්නේ කුඹුරු අක්කර 25,100 ක් අස්වැද්දීමට නියමිත බව පරාක්‍රම සමුද්‍ර භාර ප්‍රාදේශීය වාරි ඉංජිනේරු අංජන අබේසිංහ මහතා පැවසූ බවයි.
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සොරොව් දොරටු විවෘත කිරීමෙන් අනතුරුව එම ජලය අංක 01 ඇළේ ප්‍රධාන සොරොව්වෙන් කුඹුරු වෙත මුදා හැරීම සිදු කළා.
මෙම අවස්ථාවට පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයට අයත් ගොවි සංවිධාන නියෝජිතයින් ද එක්ව සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1















