අද සිට ඉදිරි දෙසතියේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ උත්සව නවතී

අද සිට ඉදිරි දෙසතිය තුළ පැවැත්වීමට සංවිධාන කර තිබූ සියළු රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම කාලය තුළ පෞද්ගලික අංශයේ සියළු උත්සව, රැස්වීම් හා සාද නිරෝධායන රෙගුලාසි යටතේ තහනම් කිරීමට ද රජය තීරණය කර ඇති බවයි. කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?