ආරුගම්බේ සිද්ධියට තවත් පිරිසක් සම්බන්ධයි – චූදිතයින් අධිකරණයට හෙළි කරයි

ආරුගම්බේ සංචාරක පුරවරයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධියට තවත් සැකකරුවන් පිරිසක් සම්බන්ධ බවට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් සිව් දෙනාගෙන් තොරතුරු අනාවරණය කරගත් බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා වෙත අද (28) දැනුම්දුන්නා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ; සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයේ අවසරය මත රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවත් ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී මෙම සිද්ධියට තවත් පිරිසක් සම්බන්ධ වී ඇති බවට තොරතුරු හෙළි වූ බවයි.

එම සැකකරුවන්ගෙන් ලද තොරතුරු අනුව මෙම සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන්ගෙන් කීපදෙනෙකු මේ වන විට හඳුනාගෙන සිටින බවත් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍යව ඇති බැවින් ඒ සඳහා අවසර ලබාදෙන ලෙසට එම විමර්ශන කොට්ඨාසය කරන ලද ඉල්ලීමට අධිකරණයෙන් අවසරය හිමිවුණා.

ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක පුරවරයේ සිටින ඊශ්‍රායල් ජාතිකයින් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ඇති බවට ඉකුත් සැප්තැම්බර් මාසයේ දී ලද තොරතුරක් අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ බවත් ඒ අනුව සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බවත් එම කොට්ඨාසය මෝසමක් ඉදිරිපත් කරමින් පෙර නඩු වාරයේ දී අධිකරණය වෙත දැනුම්දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35