AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවත් ඉහළට

එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව වාර්තා වූ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මැතිවරණ පැමිණිලි 791ක් වාර්තා වී ඇති බවයි.

ඊයේ (26) දිනයේ දී පමණක් පැමිණිලි 75ක් ලැබී ඇති අතර, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ එක් පැමිණිල්ලක් ද ඒ අතර වනවා.

මේ අතර ලැබී ඇති සමස්ත පැමිණි සංඛ්‍යාව තුළ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 07ක් ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි 791න් පැමිණිලි 645ක් මේ වනවිටත් විසඳීමට කටයුතු කර තිබෙනවා.

තවත් පැමිණිලි 146ක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙමින් සිටින බව එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?