AFC Banner
Empty Ad
Empty Ad

අවසන් තරගයේ දී ඇෆ්ගන් පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ කරයි

නැගීඑන කණ්ඩායම් ආසියානු කුසලාන 20-20 අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා A කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 133ක් රැස් කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා ඉනිමේ මුල්පෙළ පිතිකරුවන් සිව්දෙනාම ලකුණු 15ක් තුළ දවාගන්නට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

ආරම්භයේ දී කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩගත් සහන් ආරච්චිගේ නොදැවී ලකුණු 64ක් රැස්කළ අතර, ඔහු සමඟ අඟනා සබදතාවක් ගොඩනඟමින් සිටි පවන් රත්නායක ලකුණු 20ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා.

අනතුරුව 06 වන කඩුල්ලට සහන් ආරච්චිගේ සමඟ එක් වූ නිමේෂ් විමුක්ති ලකුණු 23ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කළා.

පන්දු යැවීමේ දී ගසන්ෆර් කඩුලු 02ක් සහ බිලාල් සාමි ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමුවා.

ඒ, අනුව මෙම අවසන් මහා තරගය ජයගැනීමට ඇෆ්ගනිස්ථාන A කණ්ඩායමට පන්දු 120ක් තුළ ලකුණු 134ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?