අවසන් තරගයේ දී ඇෆ්ගන් පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ කරයි

නැගීඑන කණ්ඩායම් ආසියානු කුසලාන 20-20 අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා A කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 133ක් රැස් කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා ඉනිමේ මුල්පෙළ පිතිකරුවන් සිව්දෙනාම ලකුණු 15ක් තුළ දවාගන්නට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

ආරම්භයේ දී කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩගත් සහන් ආරච්චිගේ නොදැවී ලකුණු 64ක් රැස්කළ අතර, ඔහු සමඟ අඟනා සබදතාවක් ගොඩනඟමින් සිටි පවන් රත්නායක ලකුණු 20ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා.

අනතුරුව 06 වන කඩුල්ලට සහන් ආරච්චිගේ සමඟ එක් වූ නිමේෂ් විමුක්ති ලකුණු 23ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කළා.

පන්දු යැවීමේ දී ගසන්ෆර් කඩුලු 02ක් සහ බිලාල් සාමි ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමුවා.

ඒ, අනුව මෙම අවසන් මහා තරගය ජයගැනීමට ඇෆ්ගනිස්ථාන A කණ්ඩායමට පන්දු 120ක් තුළ ලකුණු 134ක ඉලක්කයක් හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22වන ව්‍යවස්ථා සංශෝධනය ගැන හර්ෂ දකින කෝණ තුන - හොරකම් කරලා තියෙන අය හිරේ දාන්න ඕනි
11:47
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි - හඳුන්නෙත්තිගේ සුරතින් ලබාදුන් අයුරු
01:56
Video thumbnail
අප රටට අවශ්‍ය වන්නේ ප්‍රායෝගික බෞද්ධයන් - පින්තූරයට සීමාවූ බෞද්ධකම වැඩක් නෑ
15:45
Video thumbnail
වැහි පිරිත ලක්ෂ වාරයක් දේශනා කරලා පිරිත් පැන් රට පුරා ඉසිමු - මුරුත්තෙට්ටුවේ හිමිගෙන් පිළියම්
05:44
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?දිවුල්ලෑව ප්‍රදේශයෙන් ඇසුණු අභිරහස් එළොව යෑම
00:58
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම හොඳ වැඩක් - විපක්ෂයේ අවලාද නිසා ගරුත්වය නැතිවෙන්නේ
03:43
Video thumbnail
බලන්න ඒ තාත්තාට කොච්චරනම් සතුටුද..? කාලා ඇඳුමක් දාගෙන එන්න...
00:23
Video thumbnail
ජනතා ආදරය සජිත්ට ලැබුණු හැටි මෙන්න...
01:50
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි...
00:34
Video thumbnail
ආච්චිගේ ලක්ෂ 8 රන් මාලේ උස්සපු හොරා - "බබා ගන්න මුවාවෙන් මාලේ කඩාගෙන දිව්වා"
04:15