රිෂාඩ් බදියුදීන් සහ සොහොයුරා දින 90ක් රඳවා ගැනීමට යයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්ණ කිරීම සඳහා අධිකරණ නියෝග ලබාගැනීමට සූදානම් වන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ ඔවුන් දෙදෙනාගෙන් මේවන විට ද ප්‍රශ්ණ කෙරෙමින් පවතින බවයි.

පාස්කු ප්‍රහාරකයින්ට ආධාර අනුබල දීමේ චෝදනාවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා වන රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් ඊයේ (24) අලුයම අත්අඩංගුවට ගනු ලැබුවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වගන්ති අනුව ඔවුන් පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අධිකරණ නියෝග ලබාගත් අතර සාක්ෂි විශ්ලේෂණය ඇතුලු කරුණු සලකා බැලීමේදී එම කාලය ප්‍රමාණවත් නොවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේ.

ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුව තවදුරටත් දින 90ක් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අධිකරණ නියෝග ලබාගැනීම වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් පවතිනවා.

පාස්කු ප්‍රහාරයේ ඝාතකයින්ට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ලැබුනු පුද්ගල සාක්ෂි, පරිවේෂණීය සාක්ෂි, විද්‍යාත්මක සාක්ෂි මෙන්ම තාක්ෂණික සාක්ෂි උපයෝගී කර ගනිමින් රිෂාඩ් බදියුදීන් සහ සොහොයුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ මෙම සිද්ධියට අදාළව විවිධ මූල්‍ය ආයතන හරහා මුදල් හුවමාරු වීම්, චෙක්පත් ලබාදීම් පිළිබඳව ද දැඩි විමර්ශණයකට විමර්ශණ නිලධාරීන් සූදානමින් පසුවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09