පාසල් වසා දැමීමනවාද?

සියලු පාසල් මෙතෙක් ක්‍රියාත්මක වූ ආකාරයටම සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ තවදුරටත් පවත්වා ගෙන යන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා කියා සිටියේ පාසල්වල විදුහල්පතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති කමිටු, පාසල් පවත්වාගෙන යන ආකාරය සැලසුම් කරනු ඇති බවයි.

තුන්වන කොරෝනා අවදානම් තත්ත්වය මත පදනම්ව ලබන මස 31 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි රජය මගින් පසුගිය 23 වනදා නිකුත් කල සෞඛ්‍ය මාර්ගෝපදේශ වල දැක්වෙන්නේ පාසල්, පෙර පාසල් සහ දිවාසුරැකුම් මධ්‍යස්ථාන සියයට 50ක ධාරිතාවයකින් යුතුව පවත්වාගෙන යායුතු බවයි.

සියලු උපකාරක පන්ති සහ උසස් අධ්‍යාපන ආයතන පැවැත්වීම සදහා අවසර නොමැති බවත් සියලු විශ්වවිද්‍යාල වසා දමා ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන්.

මේ අතර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන 30 වනදාට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ මේ වන විට එම කටයුතු අවසන් අදියරේ පවතින බවයි.

ඉදිරි විභාග පැවැත්වීමට නියමිත දිනයන් වෙනස් කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?