Empty Ad
AFC Banner
Empty Ad

‘ජාතිය ගොඩනැගීමේ බද්ද’ නොගෙවූ සුප්‍රසිද්ධ සමාගමකට ලක්ෂ 64ක දඩයක්

2012 වසරේ සිට වසර 3ක කාලයක් ‘ජාතිය ගොඩනැඟීමේ බද්ද’ ගෙවීම පැහැර හැරි ප්‍රකට දේපළ වෙළෙඳාම් සමාගමක් වන ඒ.එම්. හෝල්ඩින් පුද්ගලික සමාගමේ අයිතිකරුවන්ට රුපියල් ලක්ෂ 64කට හිඟ බදු මුදල දඩයක් ලෙස රජයට ගෙවීමට කොළඹ දිසා අධිකරණය අද (24දා) නියෝග කළා.

එම දඩය ගෙවීම පැහැර හැරියහොත් අමතරව මාස 6ක සිරදඬුවමක් අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 291 වැනි වගන්තිය යටතේ නියම කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

2006 අංක 10 දරණ දේශීය ආදායම් පනතේ 179 (1) වගන්තිය සමඟ කියවිය යුතු 2009 අංක 09 දරණ ජාතිය ගොඩනැඟීමේ පනතේ 8 වැනි වගන්තිය අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නඩු පැවරීම සිදු කෙරුණා.

දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අය විය යුතු රුපියල් 64,43,716.71ක මුදල දඩයක් ලෙස අයකර ගැනීමට විනිසුරුවරයා නියම කළා.

දඩ මුදල් නියම කිරීමෙන් පසු වගඋත්තරකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් දඩය මාසිකව වාරික ලෙස ගෙවීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව මසකට රුපියල් 2,68,488.19 බැගින් වසර 2ක් තුළ දී දඩය මුළුමනින්ම ගෙවා නිම කිරීමට අධිකරණය අවසර දුන් අතර ජාතිය ගොඩනැඟීමේ බද්ද මේ වන විට ඉවත් කර තිබෙනවා.

පැමිණිලිකාර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ ධනසේන මහතා පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
0
+1
6
+1
0
+1
0
+1
2
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23
Video thumbnail
රත් දෝතළු මල් හා සුදා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
04:57
Video thumbnail
සද්දේ දාපු දිලිත් ඉන්දවපු ඇමති හඳුන් - අන්තිමට මට නයා කියලා බනිනවා
15:23
Video thumbnail
දුකකුත් හිතේ තියාගෙන වගේ සමන්ත චාමර යාලුවා ගැන කතා කරයි
03:49
Video thumbnail
පට්ට පල් බොරු කියන්න එපා හලෝ - පොහොට්ටුවේ DV චානක රිදෙන්න කරපු කතාව
06:25
Video thumbnail
ඇමති හඳුන්ට අද හොඳටම තදවෙයි - පාඩමක් උගන්නන්න ඕන මේවා ආය නොකරන්න
18:00
Video thumbnail
බන්ධනාගාර බස් එකේ චාමර සම්පත් පාර්ලිමේන්තු එයි
03:47
Video thumbnail
සීදුවේ ඉඳිකටු ජුඩ් අවසන් ගමන් යවපු හැටි මෙන්න - අභිරහස් රැසක් එකින් එක හෙළිවෙයි
07:49
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙක කරපු හැටි
13:47

?