ඇල්පිටියේ පුංචි ඡන්දය වෙනුවෙන් අද මැදියම් රැයෙන් ඇරඹෙන ‘නිහඬ කාලය’

එළඹෙන 26 වන දින පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ මැතිවරණ ක්‍රියාවලියේ ‘නිහඬ කාලය’ අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ; අද මධ්‍යම රාත්‍රියේ සිට ඇල්පිටිය පළාත් පාලන බල ප්‍රදේශය තුළ මැතිවරණ ප්‍රචාරක කටයුතු සියල්ල අවසන් කළ යුතු බවයි.

2024 නොවැම්බර් මාසේ 14 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද නිකුත් කිරීමේ කටයුතු දිවයිනේ සෙසු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දී විධිමත් අයුරින් සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.

තැපැල් ඡන්ද අයදුම්පත් මේ වනවිට 759,210ක් ලැබී ඇති බවත් ඉන් 21,160ක් ප්‍රතික්ෂේප වී ඇති බවත් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවා.

මෙවර තැපැල් ඡන්ද ඉල්ලුම්පත් 2000ක පමණ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33