AFC Banner
Empty Ad
Empty Ad

ඇල්පිටියේ පුංචි ඡන්දය වෙනුවෙන් අද මැදියම් රැයෙන් ඇරඹෙන ‘නිහඬ කාලය’

එළඹෙන 26 වන දින පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ මැතිවරණ ක්‍රියාවලියේ ‘නිහඬ කාලය’ අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ; අද මධ්‍යම රාත්‍රියේ සිට ඇල්පිටිය පළාත් පාලන බල ප්‍රදේශය තුළ මැතිවරණ ප්‍රචාරක කටයුතු සියල්ල අවසන් කළ යුතු බවයි.

2024 නොවැම්බර් මාසේ 14 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද නිකුත් කිරීමේ කටයුතු දිවයිනේ සෙසු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දී විධිමත් අයුරින් සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.

තැපැල් ඡන්ද අයදුම්පත් මේ වනවිට 759,210ක් ලැබී ඇති බවත් ඉන් 21,160ක් ප්‍රතික්ෂේප වී ඇති බවත් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවා.

මෙවර තැපැල් ඡන්ද ඉල්ලුම්පත් 2000ක පමණ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?