උප ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිය ගැන අධිකරණයෙන් නියෝගයක්

ඉකුත් රජය සමයේ වතු පාසැල් සඳහා උප ගුරුවරුන් බඳවා ගැනීමට අදාළ ව අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු නියෝගය ලබන ජනවාරි මස 27 වැනිදා දක්වා තවදුරටත් දිර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරු පැවසුවේ; අදාළ පත් කිරීම් අභියෝගයට ලක් කරමින් බදුල්ල ප්‍රදේශයේ පදිංචි පිනීෂා මුසම්මිල් නමැත්තිය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම අද (21) කැඳවූ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කළ බවයි.

මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ලෆාර් තාහිර් හමුවේ කැඳවුණා.

පෙත්සම්කාරිය සඳහන් කරන්නේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා විසින් ඉකුත් ජූනි 14 වැනිදා වතු පාසල් සඳහා උප ගුරුවරු බඳවා ගැනීමේ සඳහා තරඟ විභාගයක් පැවැත්වෙන බවත්, ඒ සඳහා පෙනී සිටීමට සුදුසු අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවන බවත්, සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවයි.

තමන් වෘත්තියෙන් ස්වේච්ඡා ගුරුවරියක් වන අතර ඊට අයදුම් කළ බවත්, ලංකා ගුරු සේවයේ බඳවා ගැනීමේ පටිපාටියට පටහැනි ලෙස මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බව ද, පෙත්සම්කාරිය සිය පෙත්සම මගින් චෝදනා කරනවා.

ඊට අමතරව බඳවා ගනු ලබන ගුරුවරුන් කුමන පාසල්වලට අනුයුක්ත කරන්නේ දැයි අදාළ ගැසට් නිවේදනයේ පැහැදිලිව දක්වා නොමැති බව ද පෙත්සම්කාරිය සඳහන් කරනවා.

මෙවැනි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට බලයක් නොමැති බවත්, එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි යැයි පෙන්වාදෙන පෙත්සම්කාරිය ඒ අනුව අදාළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත්, වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මම රටට දෙන ආතල් එක රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
අඟුරු කුමාරයි බාල කුමාරයි එකතුවෙලා කරපු හොරකමක් මේ..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30
Video thumbnail
හා හා කෑවා නේද.. දැන් හිනාවෙන්නකෝ l Namal Rajapaksha
10:57
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."සුගීෂ්වර, කුමාර ජයකොඩිට හොදටම දෙසයි
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04