සංචරණ සීමා පැනවීම අත්‍යවශ්‍ය බව GMOA කියයි

පැතිරයන කොවිඩ් -19 වෛරසය පාලනය කිරීම සඳහා යම් හෝ සංචරණ සීමාවක් පැනවීම අත්‍යාවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.

වැඩිදුරටත් ඔහු පැවසුවේ කොවිඩ්-19 වෛරසය කිසිදු පක්ෂයක් විසින් දේශපාලනීකරණය නොකළ යුතු බවය.

එහිදී අදහස් දැක්වු වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසුවේ, 

“රජය ගතයුතු වැඩපිළිවෙළ අතර සංචරණ සීමා කිරීමේ යම්කිසි වැඩපිළිවෙලක් අවශ්‍ය කර තිබෙන බව අපි දකිනවා. ඒ සංචරණ සීමා නීති හරහා සිදුකරනවා. ජනතාවටත් ආකල්ප වශයෙන් වෙනසක් කරගත යුතු වෙනවා. මේ ආකල්පවල වෙසක් සිදුනොවුනොත් මේ කෙතරම් නීති දැම්මත් අපට ගෝලීය වසංගතයක් පාලනය කිරීම සීමා සහිත වෙනවා. මේ මොහොත වනවිට පවතින රෝගී තත්ත්වය කළමනාකරණය කරගත හැකිව තිබෙනවා. හැබැයි මේ ඉදිරි දිනවලද‍ීත් සංචරණ සීමාවලින් එහාට ගිහිල්ලා විශේෂයෙන්ම ජනතාව තමන් හිතලා වගේම අනිත් පැත්තෙන් රජය හැටියට යම් ආකාරයක සංචරණ නියාමන පැනවීම තුළ, හැයාවක් ලැබෙනවා මේ රෝගය පැතිර යෑම වළක්වන්න. බොහොමයක් තැන්වල අපි දකිනවා දේශපාලන කොණයකින් දකින ආකාරයක් ගැන. විවිධ අය තමන්ට වාසිදායක වෙන ආකාරයට. ඒ කියන්නේ රෝග පාලනයවීමේ වාසිය එක් පිරිසක් ගන්න උත්සහ කරනවා. පාලනය නොවීමේ තත්ත්වය තව පිරිසක් දේශපාලනීය වාසි කරගන්න හදනවා. පක්ෂ විපක්ෂ වලට අපි ඉල්ලීමක් කරනවා මේක සෞඛ්‍ය අංශවලට ඔවුන්ගේ තීරණ මත කරගෙන යාමට ඉඩ දෙන්න.” යනුවෙනි.

මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ මෙහෙයුම් දැඩි කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09