CIDය ගෙට එන්න කලින් රිෂාඩ් එළියට දැමූ වීඩියෝව මෙන්න

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රිෂාඩ්බබදුර්දීන් මහතා අත්අඩංගුවට ගැනීමට පෙර අලුයම 3.15ට පමණ සිය ෆේස්බුක් ගිණුම හරහා විශේෂ වීඩියෝවක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ හරහා රිෂාද් බදියුදීන් මෙසේ පවසා ඇත.

වරෙන්තුවක් තියෙනවාද කතානායක දැනුවත් කළාද කියා මා ඇහුවා. එයාලා උත්තර දුන්නේ නෑ. ඊයේ දවසේම මං පාර්ලිමේන්තුවේ හිටියා. මං ගැන කිසිම දෙයක් කතා වුණේ නෑ.

පාන්දර දෙක හමාරට තුනට විතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිරිස් ඇවිත් යන්ඩ ලෑස්ති වෙන්න කිව්වා. මං පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරයෙක්. ඒ වගේම පක්ෂ නායකයෙක්.

ඒ නිසා මාව අත් අඩංගුවට ගන්නවානං කතා නායක දැනුවත් කරලා ඉන්ඩ ඕනේ. මං ඇහුවා කතානායක දැනුවත් කළාද කියලා. එයාලා උත්තර දුන්නේ නෑ.

මට විරුද්ධව මොන විදිහේ චෝදනා ගොනු කරයිද කියන්ඩ මං දන්නේනෑ. මම වැරදිකරලා නෑ. මං පවුකරලත් නෑ. මගේ අත් පිරිසිදුයි.

අත් අඩංගුවට ගැනීමට පෙර දෙමළ බසින් මුහුණු පොතට වීඩියෝවක් නිකුත් කරමින් රිෂාද් බදියුදීන් ප‍්‍රකාශ කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
39
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?