මින්නේරිය දුම්රිය අනතුර ගැන පරීක්ෂණයක් – දුම්රිය පීලිගත කිරීමත් ඇරඹෙයි

ඉන්ධන ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් අද (18) අලුයම වන අලි දෙදෙනෙක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මෙම දුම්රිය අධික වේගයෙන් එම ස්ථානයේ ධාවනය වූයේ ද යන්න පිළිබද සොයා බලන බවයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි එන්.ජේ ඉදිපොළගේ සඳහන් කළේ.

ගල්ඔය සහ හිඟුරක්ගොඩ අතර මින්නේරිය, රොටවැව දී වන අලි රංචුවක් දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් පසු දුම්රිය පීලි පැනීමකට ද ලක්ව තිබෙනවා.

ඉන්ධන ප්‍රවාහන ටැංකි හතරක් මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති අතර, අනතුරින් තුවාල ලැබූ තවත් වන අලි කිහිප දෙනෙක් කැලයට පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර බරපතළ තුවාල ලැබූ තවත් වන අලියෙකුට ප්‍රතිකාර කිරීම් කටයුතු අද (18) උදෑසන ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වනජීවී නිලධාරීන් විසින් ආරම්භ කරනු ලැබුවා.

මූලික ප්‍රතිකාරවලින් අනතුරුව එම වන අලියා සුවය ලබමින් සිටින බවයි වාර්තා වුණේ.

දුම්රියේ ගැටීමෙන් මිය ගිය සතුන් දෙදෙනා ගැහැණු සත්වයින් බවත් ඔවුන් වයස අවුරුදු 20-25ත් අතර වයසේ පසුවන සත්වයින් බවත් වනජීවී නිලධාරීන් සඳහන් කළේ.

මේ අතර මෙම අනතුරත් සමඟ මඩකලපුව – කොළඹ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සම්පූර්ණයෙන් නැවතී තිබෙනවා.

පීලි පැනීමට ලක් වූ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු දුම්රිය දෙපාර්තමේන්තු සේවකයින් විසින් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පීලි පැනීමට ලක් වූ දුම්රිය ඉන්ධන ටැංකි හතරේ ඉන්ධන නළ මාර්ගයකින් ඉන්ධබ බවුසර් රථවලට පිරවීමට කටයුතු ආරම්භ කර ඇති බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?