මින්නේරිය දුම්රිය අනතුර ගැන පරීක්ෂණයක් – දුම්රිය පීලිගත කිරීමත් ඇරඹෙයි

ඉන්ධන ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් අද (18) අලුයම වන අලි දෙදෙනෙක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මෙම දුම්රිය අධික වේගයෙන් එම ස්ථානයේ ධාවනය වූයේ ද යන්න පිළිබද සොයා බලන බවයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි එන්.ජේ ඉදිපොළගේ සඳහන් කළේ.

ගල්ඔය සහ හිඟුරක්ගොඩ අතර මින්නේරිය, රොටවැව දී වන අලි රංචුවක් දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් පසු දුම්රිය පීලි පැනීමකට ද ලක්ව තිබෙනවා.

ඉන්ධන ප්‍රවාහන ටැංකි හතරක් මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති අතර, අනතුරින් තුවාල ලැබූ තවත් වන අලි කිහිප දෙනෙක් කැලයට පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර බරපතළ තුවාල ලැබූ තවත් වන අලියෙකුට ප්‍රතිකාර කිරීම් කටයුතු අද (18) උදෑසන ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වනජීවී නිලධාරීන් විසින් ආරම්භ කරනු ලැබුවා.

මූලික ප්‍රතිකාරවලින් අනතුරුව එම වන අලියා සුවය ලබමින් සිටින බවයි වාර්තා වුණේ.

දුම්රියේ ගැටීමෙන් මිය ගිය සතුන් දෙදෙනා ගැහැණු සත්වයින් බවත් ඔවුන් වයස අවුරුදු 20-25ත් අතර වයසේ පසුවන සත්වයින් බවත් වනජීවී නිලධාරීන් සඳහන් කළේ.

මේ අතර මෙම අනතුරත් සමඟ මඩකලපුව – කොළඹ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සම්පූර්ණයෙන් නැවතී තිබෙනවා.

පීලි පැනීමට ලක් වූ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු දුම්රිය දෙපාර්තමේන්තු සේවකයින් විසින් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පීලි පැනීමට ලක් වූ දුම්රිය ඉන්ධන ටැංකි හතරේ ඉන්ධන නළ මාර්ගයකින් ඉන්ධබ බවුසර් රථවලට පිරවීමට කටයුතු ආරම්භ කර ඇති බව ද වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21