5 ශිෂ්‍යත්ව ගැටලුව ආයෙත් මානව හිමිකම් කොමිසමට – අවසන් වාර්තාවක් තවම අපිට ලැබිලා නෑ

දැඩි ආන්දෝලනයකට තුඩු දුන් මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත තැබීම සඳහා කළ පරීක්ෂණවල ප්‍රගතිය විමසීම සම්බන්ධයෙන් ගුරු – දෙගුරු සංසදය අද (18) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණියා.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනක බණ්ඩාර මහතා පෙනී සිටිය බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

තමන් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත අදාළ සිදුවීම සම්බන්ධයෙන් ගොනු කරන ලද පැමිණිල්ලෙහි ඉදිරි පියවර සහ එහි ප්‍රගතිය පිළිබඳ ව විමසීමට අද දිනයේ දී ගුරු – දෙගුරු සංසදය පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන පරීක්ෂණ කඩිනම් සහ විධිමත්ව සිදු කිරීම සඳහා යොමු කරවන ලෙසටයි වින්දිත පාර්ශ්වය මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියේ.

මේ වනවිට එම පරීක්ෂණ කටයුතුවලට පත් කරන ලද විශේෂඥ කමිටුව විසින් තීරණය කරනු ලැබුවේ කිසිදු අයුරකින් විභාගය යළි නොපැවැත්වීමටත්; අදාළ ප්‍රශ්න 03 සඳහා සියලුම දරුවන්ට නිදහස් ලකුණක් පිරිනැමීමටයි.

මෙම තීරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අදහස විමසීමටයි ගුරු – දෙගුරු සංසදය පැමිණ සිටියේ.

ගුරු දෙගුරු සංසදය සඳහන් කළේ; මානව හිමිකම් කොමිෂන් සභාව දැනුම්දුන්නේ අදාළ සියලු ම පාර්ශ්වයන් කැඳවා මේ වනවිට පුළුල් විමර්ශනයක් සිදුකරගෙන යන බවත්,
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද අතුරු වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවයි.

නමුත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අදාළ ගැටලුව සම්බන්ධයෙන් මෙතෙක්
කිසිදු වගකිව යුතු පාර්ශ්වයක් අවසන් වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවට ද තමන් හට කොමිසමෙන් ප්‍රකාශ කළ බව ගුරු – දෙගුරු සංසදය ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08