නෝමන් අලීගේ කඩුලු දඩයමෙන් පාකිස්තානයට විශිෂ්ට ටෙස්ට් ජයක්

එංගලන්තයට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 152කින් ජය ගන්නට සත්කාරක පාකිස්තාන කණ්ඩායම මීට ටික වේලාවකට (18) පෙර සමත් වුණා.

මුල්තාන් නුවර දී පැවැත්වුණු දෙරට අතර තරගයේ ලකුණු 298ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම සියල්ලන් ම දැවී රැස් කළේ ලකුණු 144ක් පමණයි.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා ලකුණු 366ක් රැස් කළා.

එංගලන්තයට පළමු ඉනිමේ දී සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 291ක් පමණයි.

ලකුණු 75කින් පළමු ඉනිමෙන් ඉදිරියෙන් සිටිමින් පාකිස්තානය දෙවැනි ඉනිම ඇරඹූ අතර ඔවුන් දෙවැනි ඉනිමේ දී සියලු දෙනා ලකුණු 221කට දැවී ගියා.

ඒ අනුව එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 298ක්.

නමුත් තරගයේ සිව්වැනි දිනය වන අද දිනයේ දී එංගලන්ත කණ්ඩායමේ සෙසු කඩුලු 07ම දවා ගන්නට පාකිස්තාන පන්දු යවන්නන් සමත් වුණා.

දෙවැනි ඉනිමේ දී බෙන් ස්ටොක්ස්ගේ ලකුණු 37 හැරුණුකොට සෙසු කිසිදු ක්‍රීඩකයෙකුට සාර්ථක ලකුණකට යාමට ඉඩ ලැබුණේ නැහැ.

දෙවැනි ඉනිමේ කඩුලු බිඳ දැමීමේ දී පාකිස්තානය වෙනුවෙන් නෝමන් අලී ලකුණු 46කට කඩුලු 08ක් බිඳ හෙලූ අතර සජිඩ් ඛාන් කඩුලු 02ක් බිඳ හෙලුවා.

ඒ අනුව තරග 03කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තරග 1-1ක් ලෙස සම කරගන්නට පාකිස්තානය සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?