නෝමන් අලීගේ කඩුලු දඩයමෙන් පාකිස්තානයට විශිෂ්ට ටෙස්ට් ජයක්

එංගලන්තයට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 152කින් ජය ගන්නට සත්කාරක පාකිස්තාන කණ්ඩායම මීට ටික වේලාවකට (18) පෙර සමත් වුණා.

මුල්තාන් නුවර දී පැවැත්වුණු දෙරට අතර තරගයේ ලකුණු 298ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම සියල්ලන් ම දැවී රැස් කළේ ලකුණු 144ක් පමණයි.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා ලකුණු 366ක් රැස් කළා.

එංගලන්තයට පළමු ඉනිමේ දී සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 291ක් පමණයි.

ලකුණු 75කින් පළමු ඉනිමෙන් ඉදිරියෙන් සිටිමින් පාකිස්තානය දෙවැනි ඉනිම ඇරඹූ අතර ඔවුන් දෙවැනි ඉනිමේ දී සියලු දෙනා ලකුණු 221කට දැවී ගියා.

ඒ අනුව එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 298ක්.

නමුත් තරගයේ සිව්වැනි දිනය වන අද දිනයේ දී එංගලන්ත කණ්ඩායමේ සෙසු කඩුලු 07ම දවා ගන්නට පාකිස්තාන පන්දු යවන්නන් සමත් වුණා.

දෙවැනි ඉනිමේ දී බෙන් ස්ටොක්ස්ගේ ලකුණු 37 හැරුණුකොට සෙසු කිසිදු ක්‍රීඩකයෙකුට සාර්ථක ලකුණකට යාමට ඉඩ ලැබුණේ නැහැ.

දෙවැනි ඉනිමේ කඩුලු බිඳ දැමීමේ දී පාකිස්තානය වෙනුවෙන් නෝමන් අලී ලකුණු 46කට කඩුලු 08ක් බිඳ හෙලූ අතර සජිඩ් ඛාන් කඩුලු 02ක් බිඳ හෙලුවා.

ඒ අනුව තරග 03කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තරග 1-1ක් ලෙස සම කරගන්නට පාකිස්තානය සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27