මෙම රෝග ලක්ෂණ ගැන අවදානයෙන් පසුවන්න

මෙරට තුල පැතිරෙන බවට විශ්වාස කරන නව කොවිඩ් ප්‍රභේදයේ විශේෂ රෝග ලක්ෂණ කිහිපයක් දකින්නට ලැබෙන බව ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කර සිටිනවා. ඒ මිට පෙර කොවිඩ් වෛරසය ව්‍යාප්තියේදී ආසාදිතයින්ගෙන් වාර්තා වූ උගුරේ වේදනාවට පෙර  නව ප්‍රභේදය හේතුවෙන් රෝගීන්ට නියුමෝනියා තත්ත්වය ඇතිවන බව විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කර සිටියා. 

මේ හේතුව නිසා රෝගීන්ට ශ්වසන අපහසුකම් ඇතිවී රෝගී තත්ත්වය උත්සන්න වන තෙක් ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් නොදැනුවත්ව සිටින බවයි ඔහු සඳහන් කර සිටියේ. මේ හේතුව නිසා ජනතාව වඩාත් ප්‍රවේශම් විය යුතු බවත් රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් පසු ප්‍රතිකාර කිරීම අපහසු බවයි ඔහු සඳහන් කර සිටියේ.

ඉදිරි දින කිහිපය තුලදී ඇති දීර්ඝ සති අන්තයේදී සියලු දෙනාම යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම සම්බන්ධයෙන් වඩාත් වැදගත් බව පෙන්වා දී සිටියා. 

එමෙන්ම විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වැඩිදුරටත් සඳහන් කර සිටියේ යම් කිසි කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගනු ලැබූ පුද්ගලයෙකු සිටින පවුලේ සාමාජිකයෙකු වේවා, එසේත් නොමැතිව ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශයක ජිවත්වන පුද්ගලයෙකු නම් ඔබ සතු රෝග ලක්ෂණ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවීම ඉතා වැදගත් බව අවධාරණය කර සිටිනවා.

යම් අයුරින් හුස්ම ගැනීමේ අපහසුතාවයක් තිබෙනවානම්,  1 සිට 10 දක්වා ගණන් කරන කාල සීමාව දක්වා එක දිගට හුස්ම රඳවා ගෙන සිටීමේ අපහසුකම් තිබෙනවානම්. කතා කරනා විට හතියක් එනවානම් වහාම වෛද්‍ය උපදෙස් පැතීම සිදුකළ යුතු බවයි ඔහු සඳහන් කර සිටියේ. මන්ද මුලික අවස්ථාවේදී වෛද්‍ය උපදෙස් පැතීම මගින් රෝගය උත්සන්න වී දැඩි සත්කාර ඒකකයට යාමට තිබෙන ඉඩකඩ අවම කර ගැනීමට හැකියාව ලැබෙන බවත් යම් හෙයකින් රෝගය උත්සන්න වන තෙක් සිටීම මගින් ප්‍රතිකාරයක් පවා ලබා ගැනීමට නොහැකි තැනට පත්විය හැකි බවයි විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන අවධාරණය කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53