AFC Banner
Empty Ad
Empty Ad

පාස්පෝට් ප්‍රශ්නයට සඳුදා සිට විසඳුම්

එළඹෙන සෙනසුරාදා දිනයේ දී ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර තොගය මෙරටට ලැබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඒ, අනුව සඳුදා (21) සිට එම විදෙස් ගමන් බලපත්‍ර බෙදාහැරීම සිදුකරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් මේ වනවිට ඇනවුම් කර ඇති විදෙස් ගමන් බලපත්‍ර 750,000 ඉදිරියේ දී අවසන් වීමත් සමඟ යළිත් පාස්පෝට් අර්බුදයක් ඇති වීමට ඉඩ ඇති බැවින් සාමාන්‍ය පාස්පෝට් ලබාදීමට අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියකට ගොස් ටෙන්ඩර් පටිපාටියක් අනුව තවත් පාස්පෝට් ප්‍රමාණයක් ගෙන්වීමට පසුගියදා පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබෙනවා.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද (15) පෙරවරුවේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?