AFC Banner
Empty Ad
Empty Ad

20-20 වාර්තා බිඳ දමමින් ඉන්දියාව ගොඩනැඟූ වාර්තාගත ලකුණු පුවරුව

ජගත් 20-20 පිටියේ කණ්ඩායමක් රැස්කළ දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තම නම ඉදිරියේ ලියා ගන්නට ඉන්දීය කණ්ඩායම අද (12) සමත් වුණා.

හයිද්‍රාබාද් හිදී සංචාරක බංගලාදේශ කණ්ඩායම සමඟ මේ වනවිට පැවැත්වෙන තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගයේ දී ඉන්දීය කණ්ඩායම කඩුලු 06කට ලකුණු 297ක් රැස් කරමින් මෙම වාර්තාව පිහිටවනු ලැබුවා.

ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ කණ්ඩායමක් රැස්කළ ඉහලම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව නේපාලය විසින් පිහිටුවා ඇති අතර, ඔවුන් මොන්ගොලියාවට එරෙහිව පන්දුවාර 20 තුළ කඩුලු 03කට ලකුණු 314ක් රැස්කරගෙන තිබෙනවා.

මේ අතර ඉන්දියාව අද වාර්තා කළ ලකුණු 297ක ලකුණු පුවරුව සඳහා වැඩි දායකත්වයක් ආරම්භක පිතිකරු සංජු සැම්සන් සපයනු ලැබුවේ පන්දු 47කට මුහුණ දෙමින් ලකුණු 111ක් රැස්කරමින්.

මීට අමතරව නායක සූර්යකුමාර් යාදව් වේගවත් ලකුණු 75ක් රැස්කළ අතර ඔහුට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කළ හර්දික් පාණ්ඩ්‍යා පන්දු 18ක් තුළ ලකුණු 47ක් ලකුණු පුවරුවට එක් කළා.

මෙම තරගයේ දී ඉන්දීය ලකුණු පුවරුව දැක්වුණේ මෙලෙසින්.

4 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?