AFC Banner
Empty Ad
Empty Ad

කැළණි ගඟ මල්වානෙන් පිටාර ගලයි

පවතින වර්ෂාපතනයත් සමඟ කැළණි ගඟ මල්වාන ප්‍රදේශයෙන් මේ වනවිට පිටාර ගලා ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මේ අතර කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් ප්‍රදේශ කිහිපයක ගං වතුර අවදානමක් ඇති වී ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව අද (11) දහවල් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබුණා.

එම වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කැළණි ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව මෙතැන් සිට ඉදිරි පැය 48 ක කාලය තුළ දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවනු ලැබුවා.

මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසයි එම ප්‍රදේශවල පදිංචි ජනතාවට දැනුම් දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දමිතා මාලිමාවට යන්න තීරණයක් ? - මම හදාගත්තු නම පක්ෂෙ වෙනුවෙන් වික්කා #damitha_abeyrathna
01:48
Video thumbnail
පක්ෂෙ අද මන් වෙනුවෙන් නෑ #damitha_abeyrathna #sajithpremadasa #shortvideo #viralvideo #trendingnews
00:15
Video thumbnail
මම හදාගත්තු නම පක්ෂෙ වෙනුවෙන් වික්කා #damitha_abeyrathna #shortvideo #viralvideo #1millionviews
00:16
Video thumbnail
දොට්ට දැම්ම දමිතා මුල්වරට මාධ්‍යට කළ ආන්දෝලනාත්මක කතාව #damitha_abeyrathna #sajithpremadasa
09:00
Video thumbnail
අධික වර්ෂාවෙන් මිනුවන්ගොඩ නගරය යටවෙයි #shortvideo #viralvideo
00:22
Video thumbnail
ලක් අම්මව දොට්ට දාපු හේතුව හේෂා මුල්වරට මාධ්‍යට කියයි #sjb #sajithpremadasa
04:15
Video thumbnail
මාලිමාවේ වෙන් යන අලුත්ම පෙරළිය - වසන්ත සමරසිංහගෙන් විශේෂ ප්‍රකාශයක් #npp #akd
02:21
Video thumbnail
නාමල් ගත්ත විශේෂ තීරණය එළියට #namalrajapaksha
01:54
Video thumbnail
Breaking News🛑දොට්ට දැම්ම ලක් අම්මට සීලරතන හිමිගෙන් ආරාධනාවක්
01:54
Video thumbnail
Breaking News 🛑ලක් අම්මා රත්නපුර ලැයිස්තුවෙන් දොට්ට - ලුණු ඇඹුල් ඇතුව හේෂාට අමතන හඬපටය එළියට
01:06

?