ඉනිමක පරාජයකින් බේරීමට පාකිස්තානයට කඩුලු 03ක් – තරගයේ අවසන් දිනයත් අදයි

එංගලන්ත – පාකිස්තාන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය මේ වනවිට (11) ආරම්භ වී තිබෙනවා.

ඊයේ (10) දිනයට තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටින පාකිස්තාන කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 152ක් ලබා සිටියා.

ඔවුන්ට ඉනිමක පරාජයකින් බේරීමට එක් දිනක් තුළ අවශ්‍ය ව තිබූ ලකුණු සංඛ්‍යාව 115ක්.

මේ වනවිට අවසන් දිනයේ පළමු භාගයේ පාකිස්තාන කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 207ක් ලබා සිටිනවා.

ඔවුන්ට මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට නම්; තවත් ලකුණු 60ක ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇති.

ඊයේ දෙවැනි ඉනිමට පිතිකරණය ඇරඹූ පාකිස්තාන කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් කිසිවෙකුට හෝ සිය පළමු ඉනිමේ මෙන් සාර්ථක වීමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩකඩ ලබා දුන්නේ නැහැ.

පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු අතරට ඒමට හැකි වූයේ සල්මන් අගාට සහ ආමර් ජමාල් හට පමණයි.

අගා ලකුණු 63ක් ලබා සිටියදී අද දිනයේ 07 වැනි කඩුල්ල ලෙස ජැක් ලීච් යොමු කළ පන්දුවක් හමුවේ දැවී ගියා.

ජමාල් නොදැවී ලකුණු 52ක් ලබා සිටින අතර 08 වැනි කඩුල්ලට ශහීන් ෂා අෆ්‍රිඩි කඩුල්ලේ රැඳී සිටිනවා.

කඩුලු බිඳ දැමීමේ දී ජැක් ලීච්, බ්‍රයිඩන් කාර්ස් සහ ඇට්කින්සන් කඩුලු 02ක බැගින් බිඳ දැමුවා.

එක් කඩුල්ලක පහස හිමිවූයේ ක්‍රිස් වෝර්ක්ස්ටයි.

එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේ එය ටෙස්ට් ඉතිහාසයේ කණ්ඩායමක් සිය ඉනිමක් වෙනුවෙන් රැස් කළ සිව්වැනි වැඩිම ලකුණු බවට ද පත් කරගනිමින්.

එංගලන්තය ලකුණු 823ක් ලබා සිටියදී ඉනිම අත් හිටවූ අතර එහිදී අගනා ද්විත්ව ශතක දෙකක් සහ ත්‍රිත්ත්ව ශතකයක් ද වාර්තා වුණා.

ද්විත්ව ශතක ද්විත්වයටම හිමිකම් කියුවේ ජෝයි රූට් සමගින් හැරී බෘක්.

රූට් ලකුණු 262කට දැවී ගිය අතර බෘක් ලකුණු 317කට දැවී ගියේ සිය මංගල ද්විත්ව සහ ත්‍රිත්ත්ව ශතකවලට ද හිමිකම් කියමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01