රූට් සහ ඩකට් ටෙස්ට් ශතක අබියස

2023 -2025 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ පාකිස්තානය සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග 03කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ තෙවැනි දිනය අද (09)යි.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුව පිතිකරණය තෝරා ගනිමින් සිය පළමු ඉනිමට සියල්ලන් ම දැවී ලකුණු 556ක් රැස් කළා.

එහිදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ශතක තුනක් සහ එක් අර්ධ ශතකයක් වාර්තා වීම ද විශේෂත්වයක්.

පළමු ඉනිම වෙනුවෙන් පාකිස්තාන පිතිකරණ ලැයිස්තුවේ ඉහළතම ලකුණුලාභියා වූයේ නායක ශාන් මසූඩ්.

මසූඩ් ලකුණු 151ක් ලබාගත්තා.

සල්මන් අගා නොදැවී ලකුණු 104ක් සහ අබ්දුල්ලා ශාෆිකි ලකුණු 102ක් රැස් කළා.

සෞද් ශකීල් ලකුණු 82යි.

කඩුලු බිඳ දැමීමේ දී එංගලන්තය වෙනුවෙන් ජැක් ලීච් කඩුලු 03ක්, ගස් ඇට්කින්සන් සහ බ්‍රයිඩන් කාර්ස් කඩුලු 02 බැගින් බිඳ හෙලුවා.

ක්‍රිස් වෝර්ක්ස්, රූට් සහ බෂීර් එක් කඩුල්ලක් බැගින් පාකිස්තාන කණ්ඩායමෙන් උදුරා ගැනුණා.

මේ වනවිට එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් පිතිකරණය අරඹා ඇති අතර ඔවුන් කඩුලු 02ක් දැවී ලකුණු 247ක් ලබාගෙන සිටිනවා.

තෙවැනි කඩුල්ලට පිටියෙහි රැඳී සිටින බෙන් ඩකට් සහ ජෝයි රූට් ස්ථාවර වෙමින් සිටින අයුරු පෙනෙන්නට තිබෙනවා.

රූට් නොදැවී ලකුණු 81ක් සහ ඩකට් නොදැවී ලකුණු 84ක් අතැතිව සිටිනවා.

එංගලන්තයේ පළමු කඩුලු ද්විත්වය නසීම් ෂා සහ සහීන් ෂා අෆ්‍රිඩි විසින් බිඳ දමනු ලැබුවා.

තරගය පැවැත්වෙන්නේ පාකිස්තානයේ මුල්තාන් නුවරදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23
Video thumbnail
මහ භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර් කෙනෙක්ට ගිහින්..නලින්ද සියල්ල එළියට එයි
02:51
Video thumbnail
ජනපති පත්කරපු ලේකම් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
10:28
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන ඇමති නලින්ද කැබිනට් මාධ්‍ය හමුවේදී කට අරියි..එකක්වත් අත් හරින්නේ නෑ
07:08
Video thumbnail
අපි හැමදේම තියාගෙන දේශපාලනයට ආව මිනිස්සු..බොරු කියලා පච කියලා අන්දපු මේ වගේ ආණ්ඩුවක් තවත් නෑ
06:25
Video thumbnail
හයිවේ බස් එකේ වීරයා වෙන්න ගිහින් අන්තිමට නෝන්ඩි වුණ හැටි
01:14
Video thumbnail
සජබයේ ඇමතියෙක් හොරකම් කළා නම් අනිවාර්යෙන් දඬුවම් දෙන්න ඕනි.. l S. M. Marikkar
03:53
Video thumbnail
සංජීවගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
07:22
Video thumbnail
සුරේෂ් සලේ දැඩි ආරක්ෂාවක් මැදින් කොටුව උසාවිය
01:43