අධිවේගයේ අනාරක්ෂිත ලෙස ගිය පස් දෙනාට ඇප

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෝටර් රථයක දොර කවුළු මත නැගී අපරික්ෂාකාරි අන්දමින් ගමන් ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී රිමාන්ඩ් ගතව සිටි සැකකරුවන් පස් දෙනා එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (22 ) නියම කළේය .

දින දහයක් පමණ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සිය සේවාදායකයින්ට එරෙහිව චෝදනා ගොනු කිරීමෙන් අනතුරුව වරද පිළිගැනීමට ඔවුන් සූදානමින් සිටින බවත් , සිද්ධිය සම්බන්ධයෙන් කණගාටු වන බැවින් ඇප පනතේ 14 වගන්තිය ප්‍රකාරව ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන්නැයි විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිල නාවලගේ සහ නීතිඥ රජිව් පී විතාන යන මහත්වරුන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන මහෙස්ත්‍රාත්වරයා ඇප නියම කළේය .

මහනුවර ,උඩතලවින්න සහ අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනකු මෙසේ ඇප මත මුදාහරිණි

මොවුන් ගාල්ල ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සදහා යමින් සිටියදී මෙලෙස විනය විරෝධී ආකාරයෙන් ගමන් කර ඇති බවට වෙනත් වාහනයක කැමරාවක පටිගත වී ඇති දර්ශන අන්තර් ජාලයට මුදාහැර තිබූ බවට අධිකරණයේ දී කරුණු අනාවරණය විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09