20-20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ දෙවන අභියෝගය අද

පන්දුවාර 20-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන දෙවන තරගය අද (05) පැවැත්වෙනවා.

ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සමඟ පැවැත්වෙන මෙම තරගය ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් පස්වරු තුනයි තිහටයි.

තරගාවලියේ A කාණ්ඩය යටතේ පැවැත්වෙන මෙම තරගය ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය වනවා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරග පාකිස්ථාන ක්‍රීඩිකාවන් ඉදිරියේ පරාජය වුණේ ලකුණු 31කින්.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අද තරගය සාජා හිදී පැවැත්වෙනවා.

මේ අතර කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (04) පැවති තරගවලින් පරාජයට පත්වන්නට ප්‍රබල ඉන්දීය කාන්තා කණ්ඩායමට සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට සිදු වුණා.

ඉන්දීය කණ්ඩායම නවසීලන්ත ක්‍රීඩිකාවන් ඉදිරියේ ලකුණු 58කින් පරාජයට පත් වූ අතර, කොදෙව් කාන්තා කණ්ඩායමට දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වුණේ කඩුලු 10කින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්සකුට්ටිගෙන් සජබයට රතු එළි - අපේ කටවල් අවුස්සගන්නේ නැතුව සාමකාමීව ඉන්න
02:08
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ අද උදෑසන තත්ත්වය - කන්න උයපු කෑමත් එක්කම අළුවෙලා තියෙන හැටි
02:06
Video thumbnail
ගුරුවරුන්ට කොකා පෙන්නන්න එන්න එපා - දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා අපි
05:02
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36
Video thumbnail
ත්‍රීවීල් එකක් මතට ගසක් වැටී පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් එළොව යයි.."එළියට ගන්න බෑ..හි#රවෙලා"
02:16
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03