විකිරණශීලී ද්‍රව්‍ය සහිත නැවක් හම්බන්තොට වරායේ – වහා පිටත්වන්නැයි දැනුම් දෙයි

හම්බන්තොට වරාය වෙත පැමිණ තිබූ චීන නැවේ විකිරණශීලී ද්‍රව්‍ය ඇති බවට හෙළිවීම හේතුවෙන් එම නැවට වහාම එම වරායෙන් පිටත්වන ලෙස දැන්වූ බව පරමාණුක බලශක්ති නියාමන සභාව පවසයි.

නෙදර්ලන්තයේ සිට චීනය බලා යාත්‍රා කළ නෞකාවක් යාන්ත්‍රික දෝෂයකට ලක්වීම හේතුවෙන් එය හම්බන්තොට වරායට ඇතුළු කිරීමට අවසර ඉල්ලා තිබේ.

ඒ අනුව හම්බන්තොට වරායේ ප්‍රධානියා විසින් ඊට අවසර ලබාදී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් නෞකාව සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාවකදී එහි විකිරණශීලි ද්‍රව්‍ය ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමඟ වරාය ප්‍රධානියා විසින් ඒ සම්බන්ධයෙන් පරමාණුක බලශක්ති නියාමන සභාවට දැනුම් දී තිබේ.

අනතුරුව එහි නිලධාරීන් විසින් නෞකාව වහාම ඉවත් කර ගන්නා ලෙස දැනුම් දී ඇති අතර (21) උදෑසන වන විට නෞකාව හම්බන්තොට වරායෙන් ඉවත් කරගෙන ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් නිසි දැනුම්දීමකින් තොරව විකිරණශීලි ද්‍රව්‍ය ගබඩා කළ එම නෞකාව හම්බන්තොට වරායට ඇතුළු කිරීම සම්බන්ධයෙන් නැව් සමාගමේ මෙරට නියෝජිතවරයාට ද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09