විකිරණශීලී ද්‍රව්‍ය සහිත නැවක් හම්බන්තොට වරායේ – වහා පිටත්වන්නැයි දැනුම් දෙයි

හම්බන්තොට වරාය වෙත පැමිණ තිබූ චීන නැවේ විකිරණශීලී ද්‍රව්‍ය ඇති බවට හෙළිවීම හේතුවෙන් එම නැවට වහාම එම වරායෙන් පිටත්වන ලෙස දැන්වූ බව පරමාණුක බලශක්ති නියාමන සභාව පවසයි.

නෙදර්ලන්තයේ සිට චීනය බලා යාත්‍රා කළ නෞකාවක් යාන්ත්‍රික දෝෂයකට ලක්වීම හේතුවෙන් එය හම්බන්තොට වරායට ඇතුළු කිරීමට අවසර ඉල්ලා තිබේ.

ඒ අනුව හම්බන්තොට වරායේ ප්‍රධානියා විසින් ඊට අවසර ලබාදී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් නෞකාව සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාවකදී එහි විකිරණශීලි ද්‍රව්‍ය ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමඟ වරාය ප්‍රධානියා විසින් ඒ සම්බන්ධයෙන් පරමාණුක බලශක්ති නියාමන සභාවට දැනුම් දී තිබේ.

අනතුරුව එහි නිලධාරීන් විසින් නෞකාව වහාම ඉවත් කර ගන්නා ලෙස දැනුම් දී ඇති අතර (21) උදෑසන වන විට නෞකාව හම්බන්තොට වරායෙන් ඉවත් කරගෙන ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් නිසි දැනුම්දීමකින් තොරව විකිරණශීලි ද්‍රව්‍ය ගබඩා කළ එම නෞකාව හම්බන්තොට වරායට ඇතුළු කිරීම සම්බන්ධයෙන් නැව් සමාගමේ මෙරට නියෝජිතවරයාට ද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?