කුලියාපිටියේ තත්ත්වය භයානකයි – වෛද්‍යවරු අනතුරු අඟවති

කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ගත වූ දින 20 තුළ ආසාදිතයන් 190ක් වාර්තා වී තිබේ.

වෛද්‍යවරුන් පවසන්නේ කුලියාපිටියේ තත්ත්වය භයානක මට්ටමක පවතින බවය.

මේ සම්බන්ධයෙන් අදහස් පළකළ කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උත්පල සංකල්ප මහතා,

“මේ වනවිට කුලියාපිටියෙන් තදබල ලෙස රෝගීන් වාර්තා වෙනවා. අපේ හැම සෞඛ්‍ය බල ප්‍රදේශයකින්ම රෝගීන් වාර්තා වෙනවා. ශීක්ෂණ රෝහලෙන් දිගින් දිගටම රෝගීන් වාර්තා වෙනවා. අපේ PCRවල සියය 10ක් පමණ පොසිටිව් රේට් එකක් තියෙනවා. මේ තත්ත්වයත් සමඟ අපිට හිතේ බයක් තියෙනවා. දෙවැනි කොරෝනා රැල්ල අවස්ථාවෙදී  කුලියාපිටියේ මූලික වශයෙන් මරණ සිදුවුණ, රෝගීන් විශාල වශයෙන් වාර්තා වුණ ප්‍රදේශය. මේ අවස්ථාවේදී තෙවන රැල්ලක ආරම්භය මෙහෙන් සිදුවනවාද කියන එක සැකයක් තියෙනවා. ඒ වාගේම අපි පුළුවන් තරම් ජනතාවට කියා සිටින්නේ. සියලුම සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් තමන්ගේ වගකීම ඉටුකරන්න. මොකද ඉතාමත් බැරෑරුම් තත්ත්වයක් ඉදිරියට උද්ගතවන ස්භාවයක් තමයි පෙන්නුම් කරන්නේ. දිගින් දිගටම අපේ PCRවල රෝගීන් වාර්තා වෙනවා. වැදගත්ම දේ තමයි පසුගිය රැලිවලදී එක රෝගීයෙකුගෙන් තව රෝගී‍යෙකුට පැතිරීමේ තත්ත්වය අවම තත්ත්වයක් තිබුණේ. මෙහිදී අපිට පෙනෙන්නට තියෙනවා ආයතන ගණන් පොසිටිව් වෙනවා. ගෙවල් පිටින් පොසිටිව් වෙනවා.  ඒ හින්දා අපි මේ අවස්ථාවේදී සියලුම අපේ ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට තියෙන යුතුකම ඉටුකරන්න. තමන්ගේ ප්‍රදේශය බේරා ගන්න අපිට සහාය වෙන්න. ඒ නිසා අපිට ඔබේ සහාය උපරිම ලබාදෙන්න. දිනපතාම කරන PCRවලින් දිනපතාම රෝගීන් වාර්තා වෙනවා. දිනපතාම ඔවුන්ව යොමු කරනවා කොවිඩ් රෝගීන් සඳහා වෙන්කර ඇති අපේ ආයතනවලට. ඇත්තටම ඒ ආයතනත් පිරෙමින් පවතිනවා. ඇතැම් වේලාවට අපිට රෝගීන් ඇතුළත් කිරීමට දවසක් දෙකක් බලා සිටීමට සිදුවන තත්ත්වයකට ඇවිත් තියෙන්නේ. ඒ නිසා ඔබගේ යුතුකම ඉටුකරන්න කියලා කුලියාපිටිය නිවාරණ වෛද්‍ය අංශය වෙනුවෙන් ඉල්ලා සිටිනවා.”  

මේ අතර දික්ඔය මූලික රෝහලේ හෙදියකට සහ ඇයගේ දරුවාට කොවිඩ් වෛරසය ආසාදනයවීම නිසා එම දරුවා අධ්‍යාපනය ලබන පාසලේ ළමුන් 66ක් ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53