AFC Banner
Empty Ad
Empty Ad

ජන අයිතීන් සුරැකීමේ සංවිධානය ශිෂ්‍යත්ව විභාගය ගැන කතා කරයි (වීඩියෝ)

වර්තමාන ආණ්ඩුව බලයට පත් වූ විට දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව පවසමින් ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනිට දැඩි දෝෂාරෝපන‍යක් එල්ල කරමින් ද ජන අයිතීන් සුරැකීමේ සංවිධානය මාධ්‍ය හමුවක් කැඳවා තිබෙනවා.

මේ වන විට ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටළු සම්බන්ධයෙන්ද ඔවුන් ප්‍රකාශයක් කරනු ලැබුවා.

පැවැති ශිෂ්‍යත්ව විභාගය තුළ ලකුණු ලබාදීම සම්බන්ධයෙන් ගැටළුවක් උද්ගත වී ඇති බවත් ඒ සම්බන්ධව දෙමාපියන්ගේද දැඩි විරෝධයක් පවතින බවත් එම සංවිධානය පෙන්වා දෙනවා.

ඔවුන් සඳහන් කරන්නේ ආණ්ඩුව පත් වී සතියක් ඇතුලත ජනතා නැගී සිටීමක් සිදුවීම හේතුවෙන් ඔවුනට සාධාරණයක් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවට තම සංවිධානය බලාපොරොත්තුවන බවයි.

ශිෂ්‍යත්ව විභාගය සමබන්ධයෙන් උද්ගත වී ඇති ගැටළුව වත්මන් ආණ්ඩුවට කැළැලක් බවත් ඒ සඳහා කඩිනමින් පිළියමක් ලබා දෙන ලෙසත් එම සංවිධානය මාධ්‍ය හමුවේදී කියා සිටියා.

එමෙන්ම ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වූ දරුවන් අදහස් දක්වා තිබුණේ; නැවත එම විභාගය පැවැත්වුවහොත් ඔවුන්ගේ මානසිකත්වයට එය දැඩි පීඩනයක් එල්ල කරන බවත් නැවත විභාගයකට මුහුණදීම අසීරු ක්‍රියාවක් බවත්ය.

මේ අතර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ මතු වූ අර්බුදකාරී සිදුවීම සම්බන්ධයෙන් දෙවැනි වරටත් සාක්ෂි ලබාදීමට දෙමාපිය සංසදය අද (02) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ඒ ඊයේ (01) දිනයේ දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිදු කරන ලද දැනුම්දීම ප්‍රකාරවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?