AFC Banner
Empty Ad
Empty Ad

ලොව හොඳම ටෙස්ට් පන්දු බලඇණියෙන් නවක ක්‍රීඩක නිශාන්ටත් ඉඩක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ (01) දිනයේ දී නිකුත් කරන ලද ලොව හොඳම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි ස්ථානයක් හිමිකර ගැනීමට නවක ශ්‍රී ලංකා ක්‍රීඩක නිශාන් පීරිස් සමත් ව සිටිනවා.

පසුගියදා ගාල්ලේ දී නිමාවට පත් වූ නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී නිශාන් පිරීස් පන්දුවෙන් දඟ පන්දුවෙන් දැක්වූ දක්ෂතාව හේතුවෙන් ඔහුට මෙම ස්ථානය ලැබී ඇත්තේ.

ඔහු තරගාවලියේ කඩුලු 09ක් බිඳ හෙලීමට සමත් වුණා.

ඔහුගේ හොඳම ටෙස්ට් කඩුලු බිඳ දැමීම ලෙස වාර්තා වන්නේ ලකුණු 170කට කඩුලු 06ක් ලෙසයි.

මේ අතර අසිත ප්‍රනාන්දු මෙම ලැයිස්තුවේ 13 වැනි ස්ථානයට පත් ව තිබෙනවා.

දඟ පන්දු ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට හිමි ව ඇත්තේ 07 වැනි ස්ථානයයි.

මේ අතර මෙම ලැයිස්තුවේ මුලසුන ඉන්දීය වේග පන්දු ක්‍රීඩක ජස්ප්‍රිට්‍ බුම්රා විසින් දිනා ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?