මැති ඇමතිවරුන්ගේ හා හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද නැවත සලකා බැලීමට කමිටුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම්, දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

කේ.ටී.චිත්‍රසිරිගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව සඳහා විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩී.දිසානායක සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් ජයන්තා සී.ටී. බුළුමුල්ල ඇතුළත්.

ජනතාවගේ ඡන්දයෙන් පත්වන මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට හිමිකම්, දීමනා සහ වරප්‍රසාද ලබාදීම සඳහා මහජන බදු මුදලින් රජයට සැලකිය යුතු පිරිවැයක් වාර්ෂිකව දැරීමට සිදුවන අතර, වර්තමාන රාජ්‍ය මූල්‍ය අවකාශය තුළ මෙම අති විශාල වැය බර අවම කර ගැනීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා.

ඒ, අනුව පත්කළ මෙම කමිටුව මඟින් කරුණු අධ්‍යයනය කර මහා භාණ්ඩාගාරය වෙත අනවශ්‍ය වැය බරක් ඇති කරන සහ තාර්කික නොවන හිමිකම්, දීමනා සහ වරප්‍රසාද තාර්කික පදනමක් මත සීමා කිරීම හෝ වෙනත් සුදුසු විකල්ප ක්‍රමවේදයන් හඳුන්වා දීම පිණිස, යෝග්‍ය නිර්දේශ සහිත සවිස්තරාත්මක වාර්තාවක් මාස දෙකක් තුළ ඉදිරිපත් කළ යුතු වනවා.

අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය විසින් අදාළ කමිටුව පත් කිරීම සඳහා වන යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
11
+1
0
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන යාපනය ජන රැලිය සජීවීව
00:00
Video thumbnail
දරුවන් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්
03:00
Video thumbnail
රනිල්ගේ ඇත්ත නැත්ත හෙළිකරන්න පිල්ලෙයාන් කටඅරී
26:36
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන මන්නාරම ජන රැලිය සජීවීව
01:54:56
Video thumbnail
ගාල්ල යක්කලමුල්ල අනතුරේ සජීවී දර්ශන
04:02
Video thumbnail
මරික්කාර් දුම්මල වරම අතට ගනියි - කරපු සැර කතාවට සභාවම නිහඬයි
15:29
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57

?