AFC Banner
Empty Ad
Empty Ad

රජිනිකාන්ත් රෝහල් ගත කෙරේ

ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත් රෝහල් ගතකර ඇති බව වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ 76 හැවිරිදි වියේ පසුවන රජිනි ඊයේ (30) රාත්‍රියේ චෙන්නායි හි ඇපොලෝ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

හෘදය ආශ්‍රිත රෝගී තත්ත්වයක් මත ඔහුව මෙලෙස රෝහල් ගතකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය පිළිබඳව රෝහලෙන් හෝ පවුලේ ඥාතීන් තවමත් නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.

සුපර්ස්ටා රජිනිකාන්ත් මේ දිනවල චිත්‍රපට දෙකක් සඳහා කාර්යබහුල වී සිටි බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.

මීට දශකයකට පමණ පෙර සිංගප්පූරුවේදී මෙම සුපිරි තරුව වකුගඩු බද්ධ කිරීමේ සැත්කමකට ද භාජනය කෙරුණා.

සෞඛ්‍ය හේතූන් මත ඔහු මෑතක සිට බොහෝ ලෙස කතාබහට ලක් වූ චරිතයක් බවට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?